Monday, March 30, 2020

Covid-19 හැකර්වරුන් ඔසවා තබයි


COVID-19 වසංගතය
මේ දවස් වල මාතෘකාව කොරෝනා වෛරස්. ප්‍රථම වරට චීනයේ වුහාන් හිදී හදුනාගත් මේ වන විට ආසියාවේ, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් වටා පැතිරයන මෙම වෛරසය නමින් Covid-19(2019-nCov) හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් ලොවපුරා මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගෙන හමාරය.

මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ගැටලුවක්ව පවතින නමුත් වර්තමානයේ හැකර් කණ්ඩායම් මෙම වෛරසයෙන් බොහෝ සෙයින් වැඩගන්නා බවක් පෙනෙයි. පසුගිය දින කිහිපය තුළ මුඛ ආවර්ණ විකිණීමේ ව්‍යාජ වෙබ් අඩවි බොහො ගණනක් අණාවර්නය කර ඇත. මෙහි දී සිදූ වුයේ මුඛ ආවර්ණ හිගය ප්‍රයෝජනයට ගත් හැකර් කණ්ඩායම් විසින් ව්‍යාජ වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන පුද්ගලයින් නොමග යැවීම හෝ ගෙවීම් සිදුකල පසු ඔවුන් අවහිර කර දැමීමයි.
නවතම සයිබර් ප්‍රහාර අධීක්ෂණය වී ඇත්තේ කොරෝනා වෛරසය පිළිබද තතු කියැවෙන විද්‍යුත් පණිවිඩ මගින් වෛරස්(Virus), රැන්සම්වෙයාර්(Ransomware), හා මැල්වෙයා(Malware) පැතිරවීමක් සිදුවන බවයි. මෙහිදී සිදුවන්නේ ආසාදිත විද්‍යුත් පණිවිඩ විවෘත්ත කිරීම හෝ වැඩි විස්තර ලබා ගැනීමට ලබා දී ඇති දිඝුව(URL) තුලින් ගමන් කිරීමෙන් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමයි.

Covid-19 වෛරසයට ඇති බිය හා ඒ පිළිබද නව තොරතුරු සොයා යෑම ප්‍රයොජනයට ගෙන මෙම ප්‍රහාර වෙත හැකර්වරුන් නැඔුරු වී ඇත. මේ වන විට බොහෝ පිරිස් නිවසට වී වැඩ කිරීමට පෙළඔීමත් සමග මෙම ප්‍රහාරයන් බහුලවනු ඇත. මෙම හේතුව නිසාවෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වී ක්‍රියා කරන විට ඔබේ විද්‍යුත් ලිපිනයට ලැබෙන විද්‍යුත් ලිපි සම්බන්ධයෙන් පරික්ෂාකාරී වන්න.