Monday, October 1, 2018

සයිබර් ආරක්ෂණය පිවිසුම


What is Cyber Security?
සයිබර් ආරක්ෂණය යනු කුමක්ද?

සයිබර් ආරක්ෂණය(Cyber Security) යනු පද්ධතියක, ජාලයක හෝ වැඩසටහනක ඩිජිටල් ප්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීමයි. මෙම ප්‍රහාරයන් සාමාන්‍යයෙන් සිදු කරන්නේ සංවේදී තොරතුරු (Sensitive Data) ලබාගැනීම,විනාශ කිරීම හෝ වෙනස් කිරීමයි. ප්‍රහාරකයින්ගේ(Attackers) ප්‍රධාන  අරමුණු වනුයේ පරිශීලකයින්ගේ (Victim) මුදල් කප්පම් ගැනීම හෝ සමාන්‍ය ක්‍රියාකාරීත්වයන් අඩපන කිරීමයි.



TYPES OF CYBER SECURITY THREATS
සයිබර් ආරක්ෂණ තර්ජනයන් වර්ග

RANSOMWARE 

Ransomware යනු කප්පම් ගෙවන තුරු ලිපිගොනු හෝ පරිඝණක පද්ධතියේ ප්‍රවේශයන් අවහිර කිරීම මගින් පරිශීලකයාගේ කටයුතු අඩපණ කිරීමට සදාඇති මෘදුකාංගයකි. කප්පම් ගෙවීම මගින් ගොනු නැවත ලබා ගැනීම හැකි හෝ පද්ධති ප්‍රතිෂ්ඨාපනය කරනු ඇති බවට සහතිකයක් නොමැත. Ransomware අනවශ්‍ය ඊමේල් මගින් හෝ මෘදුකාංග මත ඔබ්බවා (Bind to Software) මගින් ජනතාව අතරට පැමිනේ.


MALWARE

Malware යනු අනවසර පිවිසීම් ලබාගැනීමට හෝ පරිඝණකයට හානි සිදුකිරීමට නිර්මාණය කර ඇත.

SOCIAL ENGINEERING

සමාජ ඉන්ජිනේරු විද්‍යාව (Social Engineering) යනු සංවේදී තොරතුරු අනාවර්ණය කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයකි. මෙහිදී පරිශීලකයා නොමග යැවීම, ලුහුබැදීම වැනි ක්‍රමයන් ඔස්සේ ප්‍රහාරකයා තොරතුරු ලබා ගනී.

PHISHING

පිළිගත හැකි මුලාශ්‍රයන් වලින් විද්‍යුත් තැපැල් ලිපිවලට හා වෙබ් අඩවියන් වලට සමාන වංචනික මුලාශ්‍රයන් ඉදිරිපත් කිරීම මෙමගින් සිදුවේ. මෙහිදී ප්‍රහාරකයාගේ ඉලක්කයන් වන්නේ ක්‍රොඩිට් කාඩ් අංක හා පිවිසුම් තොරතුරු වැනි සංවේදී දත්ත සොරකම් කිරීමයි.මෙය සයිබර් ප්‍රහාරයන්ගේ ප්‍රධාන අංගයක් වේ.



No comments:

Post a Comment