Thursday, October 4, 2018

ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයන්ගෙන් පාරිබෝගික දත්ත සොරා ගැනීම

Wiretapping යනු ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර මගින් දත්ත සොරා ගැනීමේ අලුත් ආකාරයකි. මෙය මුල්‍ය ආයතන ඉලක්ක කරගත් ප්‍රහාරයකි. ATM යන්ත්‍රය තුළ කුඩා ප්‍රමාණයේ යන්ත්‍රයක් සවි කිරීම මගින් ප්‍රහාරකයින් පාරිභෝගික දත්ත නැතහොත් ATM කාඩ් පත්වල රහස් අංක සොරා ගනී.


Endoscope යනු වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ ශරීරයේ කොටස් පරීක්ෂා කර බැලීමට යොදා ගන්නා උපකරණයකි. එම උපකරණ හා කාන්දම් උපයෝගී කර ගනිමින් මෙම උපකරණ සාදා ගනී. කාඩ්පත් කියවන්නාට නිවැරදිව සකසා ඇති බව තහවුරු කිරීම සඳහා, USB භාවිතා කර ජංගම දුරකථනය සමඟ සම්බන්ධ කර ATM යන්ත්‍රයේ ඇතුලත දෙස බැලීමට එම Endoscope භාවිතා කරයි.රහස් සංවිධාන සොයාගෙන ඇති පරිදි ප්‍රහාරකයින් මෙම උපකරණය සාර්ථකව ස්ථානගත කර ගැනීමට දවසකට ආසන්න කාලයක් උත්සාහ කරයි. කාඩ්පත් කියවනය පාරිභොගිකයින් සදහා සැකසහිත නොවන ආකාරයට ස්ථානගත කර ගැනීමට හැකි වුයේ නම් ප්‍රහාරකයින් සෑහීමකට පත්ව පිටව යයි.එසේ නොමැති නම් ප්‍රහාරකයින් Pin  එකක් හෝ සැගවුණු කැමරාවක් ස්ථානගත කොට කාල පටිගත කරමින් රහස් අන්කයන් ලබා ගනී.


සමීක්ෂකයින්ගේ මතයට අනුව මෙම පටිගත වන උපකරණ හදුනා ගැනීම ඉතාම අපහසු අතර බොහෝ උපාංග ATM යන්ත්‍රය තුලට ඔබ්බවා ඇත. ඔවුන් පෙන්වා දෙන ආකාරයට හුදකලා ජනකාය අඩු අදුරු ස්ථාන වල ඇති ATM යන්ත්‍ර වෙනුවට ජනයා නිතර ගැවසෙන ආලෝකමත් ස්ථානයක ATM භාවිතය වඩා ආරක්ෂාකාරී වේ.එසේම ATM යන්ත්‍රයක් තුළදී ඔබගේ PIN අංකය ඇතුලත් කරන විට අතකින් වසා හෝ නොපෙනෙන ආරක්ෂාකාරී උපක්‍රම යොදා ගැනීමෙන් ප්‍රහාරකයින්ට ඔබගේ කාඩ්පතෙහි පිටපතක් ලබාගත හැකි උවත් PIN අංකය ලබාගත නොහැක.



සබැදියන් : https://gbhackers.com/atm-skimming-attack/


No comments:

Post a Comment