Friday, December 14, 2018

මෙම වසරේ මුල් කාර්තුව තුළ (ජනවාරි සිට නොවැම්බර්) ඉන්දියානු වෙබ් අඩවි 15,779 හැක් වෙයි (CERT- India)



ඉන්දියානු පරිඝණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම වන CERT- india මගින් වර්ථා කර ඇති අන්දමට මෙම වසරේ ජනවාරි  සිට නොවැම්බර් කාර්තුව තුළ ඉන්දියානු වෙබ් අඩවි 15,779 හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්වී ඇත. එමෙන්ම එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් බවද වාර්ථා කර ඇත.




ඉන්දියානු පාර්ලිමේන්තුව සහ ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රවි ශන්කර් ප්‍රසාද් දන්වා සිටින්නේ 2016 වසරේ වෙබ් අඩවි 33,147 සහ 2017 වසරේ වෙබ් අඩවි 30,067 හැකර්වරුන්ගේ ප්‍රහාරයන්ට හසුවී ඇති බවයි. සයිබර් අපරාදකරුවන් මෙය දිගින් දිගටම කරනුයේ හැකර්කරුවන්ගේ ඉලක්කගත වෙබ් අඩවි තම දුර්වලතා (Vulnerabilities) සදහා ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්ය.

මෙම අවස්ථාවේදී ඉන්දියානු පරිඝණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (CERT-india) මේ සම්බන්ධයෙන් බරපතල අවධානයට ලක් කරමින් පෙන්වාදෙන්නේ මෙම සංකීර්ණ ආකාරයේ සයිබර් තර්ජන සදහා විවිධ සංවිධානයන් මගින් ඔවුන්ගේ අඛණ්ඩ අවධානය යොමු කිරීම සහ නිසි සයිබර් ආරක්ෂණ තක්සේරුවන් සක්‍රීය කිරීමට අවශ්‍ය බවයි. ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රවි ශන්කර් ප්‍රසාද් ඉන්දියානු පාර්ලිමේන්තුව වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ මේ සම්බන්ධ ආරක්ෂණ වැඩිදියුණු කිරීම් ඉන්දියානු රජය විසින් ගතයුතු බවයි.

ජාතික සයිබර් අපරාධ අංශය විසින් පවත්වාගෙන් යනු ලබන දත්ත අනුව 9622, 11592 සහ 12317 සයිබර් අපරාධ නඩු සදහා ලියාපදිංචි වී ඇත.වෙනත් මුල්‍යමය අපරාධ වන විකුණුම් පද්ධති සදහා ප්‍රහාරයන් (sale system attack) සවයංක්‍රීය ටේලර් යන්ත්‍ර(ATM) , බැංකු කාඩ්පත් හා අන්තර්ජාල බැංකුකරණයන් සදහා වු ප්‍රහාරයන් වැනි මුල්‍ය අක්‍රමිකතා සදහා 2016,2017,2018 වසරයන් වල 3,14,16 ලියාපදිංචි වී ඇත.


No comments:

Post a Comment