Friday, December 14, 2018

ඇපල් macOS වලටත් මැල්වෙයා(Malware)

LamePyre නැමැති නවතම මැල්වෙයා (Malware) ඇපල් macOS මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් නිපදවා ඇත. Discord මෘදුකාංගයක් (මෙම මෘදුකාංග මගින් පුද්ගලයින් කිහිප දෙනෙක් (both people) අතර තොරතුරු එකම වෙලාවක (real time) හුවමාරු කරගත හැක.) ලෙස වෙස් වලාගෙන් පැමිනෙන මෙය මෘදුකාංගය බාවිතා කරන්නාගේ ක්‍රියාකාරකම් Screenshots ලබාගෙන Command-and control(C&C) Server එකක් හරහා හැකර්වරයා වෙත යවනු ලැබේ.




Malwarebytes පර්යේෂකයෙකු වන ඇඩම් තෝමස්(Researcher Adam Thomas) මෙම යෙදුමෙහි පිටපතක් සොයාගෙන ඇති අතර මෙම මැල්වෙයා එක Discord යෙදුමක් ලෙස පෙනීසිටින අතර මෙය Python ක්‍රමලේඛන භාෂා හා Base64-encorded ගුප්තකේතන ක්‍රම යොදා නිර්මාණය කර ඇත.

මෙම මැල්වෙයා එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින්නක් අතර එම කේතනයන්ගේ කිසිදු ක්‍රියාකාරකමක් නොමැත.ඇත්තේ අනිෂ්ට ක්‍රියාකාරකම් පමණි. මෙම මැල්වෙයා ස්වයංක්‍රීය විධාන (Script) ක්‍රියාත්මක වන විට මෙනු තීරුවේ පරිශීලකයාට පෙන්වන්නේ Genaric Automator අයිකනය වන අතර පරිශීලකයාට දැනුම් දෙන්නේ වැරදීමකින් සිදුවන බවය. එම ක්ෂණිකයෙන් Screenshot රූපරාමු ප්‍රහාරක හැකර්වරයාට ලැබේ.


No comments:

Post a Comment