Monday, November 11, 2019

සයිබර් ආරක්ෂාව යනු කුමක්ද? සයිබර් ආරක්ෂණ පාඨමාලාවක් හෝ උපාධියක් අප හැදෑරිය යුත්තේ ඇයි?



හොදට හෝ නරකට ස්මාට් ෆෝනයේ සිට රියදුරු රහිත රථ දක්වා ලෝකය වඩ වඩාත් දියුණු වෙමින් පවතී. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බැංකුකරණය (Banking), සාප්පු සවාරි (Shopping) හා බෙදාගැනීම් වැනි දේ සමග අපගේ දෛනික ජීවිතයට අඛන්ඩව සම්බන්ධ වන හෙයින් එය සයිබර් අපරාධ සහ සයිබර් ප්‍රහාරවල අවධානමට අපව යොමු කරයි.
                    අපගේ තොරතුරු සහ දත්ත අනාරක්ෂිතව තබා ගත හොත් එය පහසුවෙන් ඉලක්ක කර හැසිරවිය හැකි විශාල වගකීමක් බව කිව නොහැකිය. 

සයිබර් ආරක්ෂණය යනු කුමක්ද?

අනර්තකාරී චේතනාවන් මත ප්‍රවේශවීමට හා භාවිතා කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා පුද්ගලික තොරතුරු , බැංකු තොරතුරු, ලිපින සහ සම්බන්ධතා වැනි දේවල් අන්තර්ජාලය තුල ඇති මතක ගබඩා තුළ අප උඩුගත කර තබා ගනී.
                 සයිබර් ආරක්ෂණය (Cyber Security), හෝ තොරතුරු ආරක්ෂණය යනු පරිගණකයක , පරිගණක පද්ධතියක හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක/පද්ධතියක දත්ත සොරකම් කිරීම, හානිවීම හෝ ඒවායින් සපයන සේවාවන් කඩාකප්පල් කිරීමෙන් හෝ වැරදි ආකාරයට යොදා ගැනීමෙන් ආරක්ෂා කිරීමයි.
             සයිබර් ප්‍රහාර සැලසුම් කර ඇත්තේ මුදල් කප්පම් ගැනීම හෝ සංවේදී දත්ත විනාශ කිරීම සදහා තොරතුරු සොරකම් කිරීම හා ප්‍රවේශ වීම සදහා වන බැවින් සයිබර් ආරක්ශණ සමාගම් සහ පාරිභොගිකයින්ට ප්‍රථිඵල වැඩි වැඩියෙන් භයානක විය හැකිය. ඒමගින් ව්‍යාපාර බිද වැටිය හැකි අතර ඔවුන්ගේ දත්ත උල්ලංගනය වීමෙන් පෞද්ගලික ජීවිතවලට හානි කළ හැකිය.
                    මේ නිසා සයිබර් ආරක්ෂණයේ වැදගත්කම වර්තමාන ලෝකයේ අතිශයින්ම වැදගත් වන අතර එය වර්ධනය වීමක් හැර අඩුවීමක් දක්නට නොමැත.

සයිබර් ආරක්ෂණය අපහට උදව් වන්නේ කෙසේද?

1. නවීන තාක්ෂණය හා වැඩසටහන් සංවර්ධනය කිරීමත් සමග එම තාක්ෂණයන්හි ආරක්ෂාව අපගේ ආයෝජන ආරක්ෂා කරයි (මුල්‍ය හා බුද්ධිමය දේපල).

2. පද්ධතියක් මොහොතකට හෝ බිදවැටුනොත් , සිදුවු හානිය අලාභය ඉතා විශාල ය.

3. සයිබර් ප්‍රහාරවලට ඒරෙහිව ආරක්ෂාවක් ගොඩනගා ගැනීමෙන් පාරිභොගිකයින්ගේ තොරතුරු කාන්දු වීමෙන් ව්‍යාපාර බේරා ගත හැකිය, අනර්තකාරී මෘදුකාංග වලින් ඔබේ උපාංග ආරක්ෂා කළ හැකිය, පද්ධති බිදවැටීමෙන් ආරක්ෂා වේ.




සයිබර් ආරක්ෂණ අධ්‍යනයන් අප කල යුත්තේ ඇයි?

තොරතුරු තාක්ෂණ වෘත්තීන්හි අදාළත්වය සෑම විටම ඉහළ මට්ටමක පවතින්නේ නව තාක්ෂණයන්හි දියුණුව නිසා පමණක් නොව මෙම තනතුරු වල වැදගතිකම නිසාය.සයිබර් ආරක්ෂණය යනු දිනෙන් දින වර්ධනය වන ක්ෂේත්‍රයක් වන අතර තොරතුරු තාක්ෂණ හා පරිගණක විද්‍යාවට සම්බන්ධ ඔිනෑම දෙයකට සම්බන්ධ වීමට නව ක්‍රම සොයා ගනී.
                   මෑත කාලීනව සිදුවී ඇති සයිබර් ප්‍රහාර සහ දත්ත උල්ලංගනය කිරීම්වල අඛණ්ඩ තර්ජනය හේතුවෙන් සයිබර් ආරක්ෂණයේ වර්ධනය ක්‍රමයෙන් ඉහළ යන බව ද කියනු ලැබේ. ප්‍රගතිශීලී ලෝකයට අර්ථවත් වැඩක් සැපයීම වැදගත් වන අතර සයිබර් ආරක්ෂණය යනු බිලියන ගණනකගේ ජීවනෝපාය ආරක්ෂා කරයි.


No comments:

Post a Comment